NOV
21
කොරෝනා මතුවීමෙන් නිවාස 64 කින් සමන්විත සංකීර්ණයක් හුදෙකලා කෙරේ

කළුතර උතුරු ප්‍රදේශයේ ‘ජන ජය’ නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙනවා.
සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එම නිවාස සංකීර්ණයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බවයි.
ඒ හේතුවෙන් සෙසු පිරිසටද කොරෝනා පරීක්ෂා සිදු කරන තෙක් මෙම හුදෙකලා කිරීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම නිවාස සංකීර්ණයට නිවාස හැට හතරක් අයත් වනවා.
745 Views
Comments