ලොහාන් බන්ධනාගාරෙට පැනපු සිද්ධියට මොකද වුණේ? – ශ්‍රේෂ්ඨාධිකරණය විමසයි

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි සිටි දමිළ රැඳවියන් පිරිසකට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) පොලිස්පතිවරයාට නියෝග කළා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දමිළ රැඳවියන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැදවා තිබුණි.
677 Views
Comments