අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා - රිෂාඩ් කොමිසමේදී කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා - රිෂාඩ් කොමිසමේදී කියයි

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා - රිෂාඩ් කොමිසමේදී කියයි

විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුවට එරෙහිව ඉදිරියේදී තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරන බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂඩ් බදියුදීන් පවසනවා.

 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් අද දිනයේදී සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

 

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් විල්පත්තු වනෝද්‍යානය අවට කල්ආරු ප්‍රදේශයේ අක්කර ගණනාවක් එළි කිරීම නීති විරෝධි බව අභියාචනාධිකරණය පසුගිය 16වනදා තීන්දු කළා.

 

තම පෞද්ගලික මුදලින්, නීති විරෝධිව එළි කළ ඉඩම්වල වන වගාව යළි සිදු කරන ලෙසට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කරමින් මෙම තීන්දුව ලබා දුන්නේ, ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඩුල්ල විසිනි.

 

විල්පත්තු නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ද නියෝජනය කරන අතර, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඔවුන් ඉදිරියේ මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

 

views

665 Views

Comments

arrow-up