හුදකලා කළ ප්‍රදේශ වලට ඇතුල්වීමට සහ පිටවීමට අවසර හිමි වන ආයතන මෙන්න

අද අලූයම සිට හුදෙකලා කෙරෙන ප‍්‍රදේශවලට ඇතුළුවීමට හෝ පිටවීමට කිසිඳු පුද්ගලයෙකුට අවස්ථාවක් හිමිනොවන බව පොලීසිය පවසනවා.
කෙසේවෙතත්, හුදෙකලා කෙරෙන ප‍්‍රදේශවල සිටින අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසරය ලබාගෙන එම ප‍්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
මේ අතර හුදෙකලා කෙරුණු ප‍්‍රදේශවල සිටින ජනතාවට පිසූ ආහාර සැපයීම වැනි සේවා සිදුකළ හැකි වුවත්, එම ප‍්‍රදේශවල පිහිටි වෙළඳසැල් වසා තැබිය යුතු බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළා.
766 Views
Comments