එන්ගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
මෙම ගුවන් මගීන් එංගලන්තයේ , ලන්ඩන් නුවර , හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ විශේෂ ගුවන් යානයෙන් අලුයම 2.51 ට කටුනායක ගුවන් තොටුපළ ලඟාවුණා.
මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණා.
මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.
මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමට අවම වශයෙන් , මෙම ගුවන් මගීන් ගෙන් සෙම පටල ලබා ගෙන , පැය 24 ක් පමණ ගත වෙන බැව් එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.
744 Views
Comments