නාවික විරුවන් සුවවීම වේගවත් - තවත් 15ක් පූර්ණ සුවය ලබයි

තවත් COVID 19 හෙවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 403ක්.
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1620 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (30) දිනයේදී හඳුනා ගත් රෝගීන්ගේ සංඛ්‍යාව 62 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
කොරෝනා රෝගීන් 829 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
781 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
695 Views
Comments