තරුණයන්ගේ මුදල් ගරාගෙන සැගව සිටි මෘදුකාංග ඉංජිනේරුවා සහ බිරිඳ අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබාදෙන බවට පවසා මහියංගණය ප්‍රදේශයේ තරුණයන් 18 දෙනකු රවටා එක් කෝටි දස ලක්ෂයක මුදලක් වංචා කළ අඹු සැමි යුවලක් පිලැස්ස ප්‍රදේශයේ කුලී නිවසක් තුළ සැඟව සිටියදී පෙරේදා මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ක් වන මෘදුකාංග ඉංජිනේරු වරයෙකු සහ 24 හැවිරිදි ඔහුගේ තරුණ බිරිඳයි.
ඔවුන් සැඟව සිට නිවස පරික්ෂා කිරීමේ දී පෙට්ටියක් තුළ සඟවා තිබූ මෙම මුදල් සොයාගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා මීට පෙරද මෙවැනිම වංචාවකින් මහව ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු රවටා රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වංචා කර ඇති අතර ඒ සඳහා මොවුන්ට මහව අධිකරනය විවෘත වරෙන්තු අටක්ද නිකුත්කර සිට තිබෙනවා.
අත්අඩංගුවට පත් යුවළ වැඩිදුර පරීක්ෂණ සඳහා මයියංගනය පොලිසිය වෙත බාරදීමට නියමිතයි.
789 Views
Comments