APR
05
ඉන්දීය අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට පැමිණෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 'සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්' යන සංකල්පය තහවුරු කරමින් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙට (6) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
75 Views
Comments