පුංචි ඡන්දයට අදාළ මැතිවරණ පැමිණිලි 180 දක්වා ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

පුංචි ඡන්දයට අදාළ මැතිවරණ පැමිණිලි 180 දක්වා ඉහලට

පුංචි ඡන්දයට අදාළ මැතිවරණ පැමිණිලි 180 දක්වා ඉහලට

මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා දක්වා මෙම පැමිණිලි ලද බවය.

 

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව එක් පැමිණිල්ලක්ද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 179ක් ද මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ලද පැමිණිලි 180 අතුරින් පැමිණිලි 133ක් මේ වන විට විසඳා ඇති බවය.

 

එමෙන්ම තවත් පැමිණිලි 47ක් විසඳීමට කටයුතු කරමින් ඇති බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

views

69 Views

Comments

arrow-up