දේශබන්දු ගෙදරින් කෑම ගෙන්න ගන්න කළ ඉල්ලීමට බන්ධනාගාරය දුන් පිළිතුර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

දේශබන්දු ගෙදරින් කෑම ගෙන්න ගන්න කළ ඉල්ලීමට බන්ධනාගාරය දුන් පිළිතුර

දේශබන්දු ගෙදරින් කෑම ගෙන්න ගන්න කළ ඉල්ලීමට බන්ධනාගාරය දුන් පිළිතුර

නිවසින් ආහාර ලබාගැනීමට දේශබන්දු තෙන්නකෝන් සිදුකළ ඉල්ලීම සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවසින් ආහාර ලබාදෙන ලෙස සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ තමාගේ ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉල්ලීමක් සිදුකර ඇති බවය.

 

ඒ අනුව, අදාළ ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

එම කරුණු සැලකිල්ලට ගනිමින් දේශබන්දු තෙන්නකෝන් මහතාට බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාදීමට ඇති හැකියාව  සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

 

වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර දින 20කට පසු දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.

 

එහිදී ඔහු අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර මේ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

views

155 Views

Comments

arrow-up