කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ව්‍යාපාරික යුවළක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 400ක් සමග ඉන්දියානු ජාතික යුවළක් ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු නිලධාරීන් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වන බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි සහ 29 හැවිරිදි ඉන්දියන් ජාතික යුවළකි.
මෙම යුවළ පළමු වරට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ඉන්දියාවේ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන යුවළක් බවද රේගු නිලධාරීන් හමුවේ පවසා තිබේ.
ඔවුන් ගමන් මලු දෙකක් තුළ සූක්ෂමය සඟවා මෙම කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් තිබේ.
අත්අඩංගුවට ගත් යුවළ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට ද නියමිතය.
134 Views
Comments