ගෙදර යමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනා මහ මගදී මරුට

බකමුණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් දෙදෙනා ජිවිත්ෂයට පත්ව තිබෙනවා.
යතුරු පැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටිමෙනුයි යතුරු පැදියේ ගමන් ගත් හමුදා සෙබළුන් දෙදෙනා ජිවිත්ෂයට පත්ව අැත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ ඊ.එන්.යු.ඒ. ඒකනායක බදුල්ල ලුණුගල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර එන්. සි. මධුවන්ත හල්තොට , පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම දෙදෙනාම කිළිනොච්චි කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවයකර නිවාඩු ලබා නිවෙස් වෙත යතුරු පැදියකින් යමින් සිටියදි අනතුර සිදුව තිබෙනවා.
බස්රථයේ රියැදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
800 Views
Comments