CSN නාලිකාවට යළි විකාශන අයිතිය හිමිවෙයි

කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් සි.එස්.එන්.නාලිකාවේ විකාශන අයිතිය අත්හිටුවමින් එවකට ජනමාධය අමාත්‍යාංශයේ ලේඛම්වරයා ගත් තීරණය ඉවත් කර ගැනිමට තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ අද අභියාචනාධිකරණයේ දී එකගත්වය පල කළා.
ඒ අනුව තම විකාශන අයිතිය අත් හිටුවීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් සි.එස්.එන් පුද්ගලික සමාගම ගොනු කළ රිට් පෙත්සම සියලු පාර්ශ්වයන්ගේ එකගතාවය මත සමථයකට පත් වන ලදී .
මේ අතර සි.එස්.එන් රූපවාහිනී නාලිකාවෙ විකාශන වලට අදාළ සංඛ්‍යාත පෙර තිබූ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අභියාචනාධිකරණයේ දී එකගත්වය පල කරන ලදී .
කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ආයතනය විසින් ගොනු කළ මෙම පෙත්සමින් ජනාමාධය අමාත්‍යාංශයේ ලේඛම්වරයා ඇතුලු පාර්ශව හතරක් වග උත්තරකරුවන් ලෙසට නම් කොට ඇත .
1255 Views
Comments