මැති ඇමතිලාට විදේශ ගමන් තහනම් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

මැති ඇමතිලාට විදේශ ගමන් තහනම් වෙයි

මැති ඇමතිලාට විදේශ ගමන් තහනම් වෙයි

අත්‍යවශ්‍යම කරුණකට හැර විදේශ සංචාරවලින් හැකිතාක් වැළකී ඉදිරි සති කිහිපයේදී මෙරට රැඳී සිටින්නැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  දැනුම්දී තිබේ.

 

විදේශයන්ට ගොස් සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් දැනුම් දීමත් සමඟ හදිසියේ මෙරටට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවල දැක්වේ.

 

මතුවී තිබෙන දේශපාලන අර්බුදය සමඟ විවිධ සාකච්ඡා නිරන්තරව සිදුවන තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන් ඒවාට සක්‍රීයව දායක කර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙම දැනුම් දීම කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

 

පවතින දේශපාලන අර්බුදයට අදාළව ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල රැස්වීම් ගණනාවක් පසුගිය දිනවල හදිසියේම පැවැත්විණ.

views

715 Views

Comments

arrow-up