හයිලන්ඩ් කිරිපිටි ගන්න නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු පෝලිම්

අඹේවෙල සහ හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරි පැකට් මිලදී ගැනීම සඳහා නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ(11) දින නුවරඑළිය ප‍්‍රදේශවාසීන් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව මගින් පවත්වාගෙන යනු ලබන අලෙවි සැලෙන් කිරිපිටි පැකට් එකක් මිලදී ගැනීමට මෙසේ ප‍්‍රදේශවාසින් දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.
වෙළෙඳ පොළේ මේ වනවිට වෙනත් වර්ගවල කිරිපිටි මිලදී ගැනීමට නොමැතිකම නිසා මෙම හයිලන්ඩ් අලෙවි සැලෙන් සතියකට වතාවක් නිකුත් කරනු ලබන කිරිපිටි පැකට් එක මිලදී ගැනීමට තමන් උදැසන සිටි පෝලිමේ සිටින බව ප‍්‍රදේශවාසීන් පවසයි.
1163 Views
Comments