සිසුන් 200ට අඩු පාසල් 3,800ක් අද ඇරැඹේ

පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන සිසුන් 200ට අඩු පාසල් 3,800ක් අද (21) විවෘත කෙරේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබූ පාසල් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අදියර 4ක් යටතේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එහි පළමු අදියර යටතේ මේ පාසල් ආරම්භ කෙරේ.
අද දිනයේ පාසලට පැමිණෙන දරුවන්, ගුරුවරුන් එනතෙක් බලා සිටින බැවින් පාසල්වල කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යෑමට අවශ්‍ය සහාය දී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පාසල් වෙත පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දිනමිණට ඊයේ (20) පැවසීය.
658 Views
Comments