චමුදිතට විරුද්ධව පොලිස්පති පොලීසියට චමුදිත සී අයි ඩී යට

චමුදිත සමරවික්‍රම නම් මාධ්‍යවේදියාට විරුද්ධව ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත.
හිරු රූපවාහිනිය පත්තරේ විස්තරේ වැඩ සටහන අතරතුර නීරෝධායන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙකී පැමිණිල්ල සිදු කල බව පොලිස්පතිවරයා සඳහන් කර ඇත.
ඊයේ දිනයේ (13) චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් ඔහුගේ නිවසට ගොස් දැනුම් දී ඇත.
ඒ අනුව ඔහු අද දිනයේ කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි.
719 Views
Comments