දකුණු ආසියාවේ උසම කුලුන 15 වැනි දා සිට ජනතාවට විවෘත වේ

දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුන එළඹෙන 15 වන දා සිට ජනතාවට විවෘත කෙරේ.
නෙළුම් කුලුනේ උස මුහුදු මට්ටමේ සිට අඩි 1,150ක් වන අතර එය මහල් 29කින් සමන්විතවේ.
කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික සමාගම විසින් ලොව ධනවත් රටවල විනෝදාස්වාදය සහ නව තාක්ෂණයික අත්දැකීම් එලෙස මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරයි.
නෙළුම් කුලුන එළඹෙන 15 වන දා සිට ජනතාවට විවෘත කළ පසු දේශීය නරඹන්නට රුපියල් 500ක් සහ 2,000ක් වශයෙන් ප්‍රවේශ පත්‍ර ද විදේශිකයන්ට ඩොලර් 20ක් වූ ප්‍රවේශ පත්‍රයක් ද මිලදී ගෙන නෙළුම් කුලුනේ අත්දැකීම විදිය හැකිය.
නෙළුම් කුළුණේ පළමු මහල කාර්යාල පහසුකම් වලින් හා ඩිජිටල් සිනමා ශාලාවකින් යුක්තය.
නෙළුම් කුළුණේ සියලුම තාක්ෂණික පරිපාලන කටයුතු සිදුවන ස්ථානය මගින් නෙළුම් කුළුණේ සියලුම මහල් ආරක්ෂිත කැමරා මගින් ආවරණය කෙරේ.
234 Views
Comments