නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (10) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 32 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 670,408 දක්වා ඉහළ ගියේය.
මේ අතර පෙරේදා (09) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 02ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,727 දක්වා ඉහළ ගියේය.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකි.
මේ වන විට පුද්ගලයන් 653,423 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 258 දෙනෙක් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
239 Views
Comments