ජනපති ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ජනපති ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරයි

ජනපති ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරයි

කිසිදු මූලික අධ්‍යනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ තීරණය තුළින් ගොවීන්ට සහ මෙරට කෘෂිකර්මාන්තයට සිදුවූ හානිය වෙනුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

 

නීතිඥ එරන්ද වැලිඅංගේ, නීතිඥ තාරක නානායක්කාර සහ කෝදාගොඩ ගොවි සංවිධානයේ ලේකම් තිලක් අමරදිවාකර යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

මම පෙත්සමට වගඋත්තරකරුවන් ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නීතිපති ඇතුළු දස දෙනෙකු නම්කර ඇති බව ඔවුන් මාධ්‍යයට වාර්තා කර සිටියා.

views

1644 Views

Comments

arrow-up