එක ගුරුවරයෙකු එක පන්තියක් බුබුලක් යටතේ තබාගැනීම වැදගත්

පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු ගුරුවරුන් එක පන්තියක් බුබුලක් යටතේ තබාගත යුතු බව වෛද්‍යවරුන් පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසු පන්ති මිශ්‍ර කිරීම නොකළ යුතු බවය.
එමගින් කොවිඩ් පැතිරීම අවම කිරීමට හැකියාව ලැබෙන බව ඇය වැඩිදුරටත් පෙන්වා දුනි.
පාසල්වල ප්‍රාථමික අංශය සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද(25) සිට ආරම්භ කිරීමට නියමිතය.
755 Views
Comments