ඔන්ලයින් පෙම විදුලි වැටෙන් කෙලවර වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

ඔන්ලයින් පෙම විදුලි වැටෙන් කෙලවර වෙයි

ඔන්ලයින් පෙම විදුලි වැටෙන් කෙලවර වෙයි

වනසතුන්ගෙන් වගාවන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඊයේ (17) පෙරවරුවේ 26 හැවිරිදි තරුණයෙකු සහ 17 හැවිරිදි තරුණියක මියගොස් තිබේ.

 

කොලොන්න පොලිස් වසමේ පිටවෙලගම ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය.

 

ඊයේ ඔවුන් අනතුරට ලක්වී තිබුණේ තරුණිය පදිංචි නිවස ආසන්නයේදීය.

 

සමාජ මාධ්‍යයෙන් හඳුනාගත් එම තරුණියව හමුවීමට දික්වැල්ල ප්‍රදේශයේ සිට තරුණයා පැමිණ තිබුණි.

 

පසුව තරුණියගේ නිවස ආසන්නයේ දෙදෙනා කතාබහ කරමින් සිටියදී තරුණියගේ නිවැසියන් ඔවුන්ව දැක තිබේ.

 

එහින් බියට පත්වූ දෙදෙනා නිවසට යාබව මීටර් 500ක් පමණ දුරින් පිහිටි අක්කර 5ක පමණ කුරුදු වත්තක් දෙසට දිව ගොස් ඇති අතර එහිදී දෙදෙනාට විදුලි සැර වැදී තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ ඒකකය සහ කොලොන්න පොලීසිය එක්වී වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

3853 Views

Comments

arrow-up