උපාධි අපේක්ෂක විදෙස් කත මිලියන 170ක මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

උපාධි අපේක්ෂක විදෙස් කත මිලියන 170ක මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

උපාධි අපේක්ෂක විදෙස් කත මිලියන 170ක මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

රුපියල් 17 කෝටි පනස් ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන කැනඩාවේ සිට පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (09) රාත්‍රියේ ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණිය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

 

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ EY- 396 දරණ ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

 

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිලි 03ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

 

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

views

98 Views

Comments

arrow-up