ගෝල්ෆෙස් අරගලය දැඩි වෙයි, ජනාධිපති කාර්යාලයට පිවිසෙන මාර්ග වසා අට්ටාල හදති, සේවකයොත් නිවාස අඩස්සියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ගෝල්ෆෙස් අරගලය දැඩි වෙයි, ජනාධිපති කාර්යාලයට පිවිසෙන මාර්ග වසා අට්ටාල හදති, සේවකයොත් නිවාස අඩස්සියට

ගෝල්ෆෙස් අරගලය දැඩි වෙයි, ජනාධිපති කාර්යාලයට පිවිසෙන මාර්ග වසා අට්ටාල හදති, සේවකයොත් නිවාස අඩස්සියට

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධයේ යෙදෙන විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන සියලු‍ පිවිසුම් මාර්ග අවහිර කර ඇත.

 

මෙතෙක් විවෘතව තිබූ පිවිසුම් මාර්ග දෙකද අවහිර කරමින් ඔවුන් විසින් කූඩාරම් ඉදිකර ඇතැයි පොලීසිය පවසයි.


මෙම තත්වය සමඟ එම කාර්යාලයේ සිටි පිරිසකට පිටවීමට නොහැකි වී ඇති අතර සෙසු පිරිසට රාජකාරි කිරීමට ඇතුළුවීමට නොහැකි වී තිබේ.

 

ජනාධිපති කාර්යාලය ඉදිරියේ ඊයේ(19) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණේ ජනාධිපති කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිට අරගලකරුවන් කලහකාරී ලෙස හැසිරීමත් සමඟයි.

 

ආරක්ෂක අංශ විසින් මේවන විට ජනාධිපති කාර්යාලය ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.

views

289 Views

Comments

arrow-up