හෙට සිට පැය 4 බැගින් දින තුනක් විදුලිය කැපෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

හෙට සිට පැය 4 බැගින් දින තුනක් විදුලිය කැපෙයි

හෙට සිට පැය 4 බැගින් දින තුනක් විදුලිය කැපෙයි

හෙට (අප්‍රේල් 18) දිනයේ සිට අප්‍රේල් 20 වන දා දක්වා විදුලි කප්පාදු සිදු කෙරෙන කාල සටහන ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

 

ඒ අනුව, හෙට දිනයේදී A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

 

එමෙන් ම, එම කාලපයට අයත් ප්‍රදේශවලට නැවතත් සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

 

P,Q,R,S,T,U,V සහ W කලාපවලට උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ  පැය තුනක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

 

එම කලාපයට අයත් ප්‍රදේශවලට නැවතත් සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිත ය.

 

මේ අතර, අප්‍රේල් 19 වන දා සහ අප්‍රේල් 20 වන දා A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ පැය 3යි විනාඩි 20ක කාලයක් සහ සවස 6.00 සිට රාත්‍රී 10.30 දක්වා කාලයේදී පැය 1යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට් නියමිත ය.

 

P,Q,R,S,T,U,V සහ W කලාපවලට උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා කාලයේ පැය 3යි විනාඩි 20ක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන අතර සවස 6.00 සිට රාත්‍රී 10.30 දක්වා පැයයි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

views

1210 Views

Comments

arrow-up