AUG
06
වෙළඳසලක් අසල කාන්තා මළ සිරුරක් ගෝනියකින් හමුවේ

වාලච්චේන ප්‍රදේශයේ වෙළෙඳ සලක් අසල කාන්තා මළ සිරුරක් ගෝනියක බහා තිබියදී සොයා ගෙන ඇත.
වැඩිදුර අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ වෙළඳසැලේ සැකකටයුතු ගෝනි දෙකක් ඇති බව පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් අදාළ ගෝනි පරික්ෂා කිරීමේ දී ඉන් එක් ගෝනියක පෝර ද අනිත් ගෝනියේ මෙම මළ සිරුර ද සොයා ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ සැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු වාලච්චේන පොලීසිය විසින් සිදු කරයි.
2077 Views
Comments