අද කාලගුණය

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌවසහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, දකුණසහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මඩකළපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සුළංනැගෙනහිර දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු වේ.
337 Views
Comments