පොලිසියට වෙඩි තැබූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

පොලිසියට වෙඩි තැබූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

පොලිසියට වෙඩි තැබූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

 ගනේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් වෙඩි වැදී බරපතල තුවාල ලැබූ සැකකරු  රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .

 

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු විසි අටක් වයස ඇති ඇහැලියගොඩ මුළු ගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ජා ඇල දඬුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායෙන් නිලධාරීන් ගිය අවස්ථාවේදී සැකකරු විසින් පොලිසියට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

views

210 Views

Comments

arrow-up