උඩවලවේ කූරු අලියාට තර්ජන

උඩවලව ජාතික වනෝද්‍යානයේ ජීවත්වන ලොව එකම කුරු අලියාට තර්ජන ඇතිවී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව කුරු අලියාගේ හොඬවැල අග තියුණු කැපුම් තුවාල දක්නට ලැබෙන බව උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පර්යේෂණ ව්‍යාප්තියේ පර්යේෂක පරිසරවේදී සමීර වීරතුංග මහතා පවසා සිටිනවා.
ජාන විකෘති තත්ත්වයක් නිසා බිහිවී තිබූ මෙම අලියා ගමන් කරන්නේද යම් තරමක අපහසුවකින්.අලියාගේ ඉදිරිපස පාද දෙකට සාපේක්ෂව පිටුපස පාද දෙක කුඩාවට පිහිටා තිබෙන අතර හිසද ශරීරයට සාපේක්ෂව විශාල ලෙස වැඩී තිබීම මෙයට හේතුවයි.
කෙසේ වෙතත් මේ දිනවල උඩවලවට ගිය දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකුට බොහෝ කලකට පසුව මෙම කුරු අලියා දැකගැනීමේ දුර්ලභ අවස්ථාව ලැබී තිබෙනවා.
251 Views
Comments