කොරෝනා බිළිගත් මෙරට වයස්ගතම මරණය ගාල්ලෙන් වාර්තා වේ - අවුරුදු 103ක අත්අම්මා කෙනෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

කොරෝනා බිළිගත් මෙරට වයස්ගතම මරණය ගාල්ලෙන් වාර්තා වේ - අවුරුදු 103ක අත්අම්මා කෙනෙක්

කොරෝනා බිළිගත් මෙරට වයස්ගතම මරණය ගාල්ලෙන් වාර්තා වේ - අවුරුදු 103ක අත්අම්මා කෙනෙක්

කොරෝනා වෛරසයට ගොඳුරු වී මෙරට මිය ගිය වයස්ගතම තැනැත්තා වාර්තා වෙනවා.

 

අවුරුදු 103 ක් ආයු වැළැදු රත්ගම,ගිණිමැල්ගහ ප්‍රදේශයේ එක් දරු මවක් මෙලෙස වාර්තා පොත් අතරට එක් වෙනවා.

 

මාස දෙකක කාලයක් නිවසේ එක් තැන් වී සිටි ඇය මීට දින දෙකකට ඉහතදී උණ වැළැදී දැඩි අමාරුවෙන් සිට තිබෙනවා.පසුව ඇය නිවස තුළම මිය ගොස් ඇති අතර ඇයගේ මෘතදේහය ඉදිරි විමර්ශන සදහා ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

 

එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී හා මරණ පරීක්ෂණයෙන් හෙළිව ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ඇය මිය ගිය බවටය.

 

මාස දෙකක් එක් තැන් වී සිටි ඇයට කොරෝනා ආසාදිත වූයේ කෙසේ දැයි විශ්මය ජනක බවත් ඇයට සත්කාර කිරීමට පැමිණි අයෙකුගෙන් කොරෝනා වැළදෙන්නට ඇති බවද සෞඛ්‍ය අංශ සැක කරයි.

 

අවුරුදු 100ට වැඩි මෙරට පළමු කොරෝනා මරණයද මෙය වීම සුවිශේෂීය.

 

 

views

1028 Views

Comments

arrow-up