ආරක්ෂක පුහුණුවීමට ලබාදෙන්න ලංකාවට සල්ලි නෑ - ඉන්දියාව
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

ආරක්ෂක පුහුණුවීමට ලබාදෙන්න ලංකාවට සල්ලි නෑ - ඉන්දියාව

ආරක්ෂක පුහුණුවීමට ලබාදෙන්න ලංකාවට සල්ලි නෑ - ඉන්දියාව

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට ලබාදෙන පුහුණුවීම්වලට අදාළ ගෙවීම් සිදුකර ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ඉන්දියාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අජේ බාත් පවසයි.

 

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ ආරක්ෂක අංශය සාමාජිකයන්ට ඉන්දියාවෙන් ලබා දෙන පුහුණුවීම්වලට අදාළ ගෙවීම් සිදුකර ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

 

මේ වන විටත් ලබාගත් පුහුණුවීම් සඳහා ලබන වසරේ දී ගෙවීම් සිදුකරන බවට ශ්‍රී ලංකාව දැනුම් දී ඇති බව ද ඉන්දීය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

views

279 Views

Comments

arrow-up