රජරට සරසවියේ නව කුලපති ලෙස පත්කල ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ ඉල්ලා අස්වෙති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
ඊට හේතු ලෙස සදහන් කර ඇත්තේ මින් පෙර ධුරය දැරූ ස්වාමීන්වහන්සේ මෙම ධුරය නැවත අපේක්ෂාවෙන් සිට ඇති බවත් එය නොලැබීම නිසා උන්වහන්සේට පක්ෂපාත ඇතැම් ගිහි පැවිදි පිරිස් ඒක පාක්ෂික වූ අසාධාරණ කරුණු විවිධ මාධ්‍ය මගින් පළකරන්නට වීමත් බව සඳහන් කර තිබේ.
මෙම තනතුර තමාට ලැබීම නිසා සංඝ සාමග්‍රිය බිඳවැටීමට හෝ හේතු වන්නේ නම් එම තනතුරට වඩා සංඝ සාමග්‍රි යම් උතුම් කොට සලකන බවත් සදහන් කර ඇත.
තනතුරු පිළිගැනීමටත් අත්හැරීමටත් පුරුදු නොවන්නේ නම් අත්හැරීම පුරුදු කරන්නැයි හෝ භව තණ්හාවෙන් මිදෙන්න යැයි අපි සමාජයට බණ කීමෙන් පළක් නොවන බව තේරුම් ගෙන සිටින බව ද උන්වහන්සේ සිය ලිපියෙහි වැඩි දුරටත් සඳහන් කර තිබේ.
115 Views
Comments