විදුලි ගාස්තු වැඩිකලොත් දිගටම විදුලිය

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩ විදුලිය ලබා දීමට නම් එම පිරිවැය සපයා ගැනීමට අවශ්‍ය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකොන් මහතා පවසනවා.
ඒ වන තෙක් කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.
පසුගිය 25 වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී පැවැති සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඒකමතිකව තීරණයකට පැමිණියේ විදුලි කප්පාදු නොකිරීමටයි.
එය උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි මස 17 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට ඒකමතකිව තීරණය කළ අතර එය විධානයක් ලෙසද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලබාදුන් විධාන කඩකරමින් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (26) දිනයේ ද විදුලි කප්පාදු කිරීමට පියවර ගනු ලැබුවා.
214 Views
Comments