රිය අනතුරකින් අයෙක් මරුට - 11කට බරපතලයි

අනුරාධපුරයේ සිට කළුතර බලා ගමන් කරමින් තිබු වැන් රථයක් නාච්චාදුව හන්දිය ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා තිබු බස් රථයක පසුපස ගැටී වැන් රථයේ ගමන් ගත් 69 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි කවරක්කුලම පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් තිබෙන්නේ කැකිරාවේ පදිංචි එච්. එම්. ප්‍රේමරත්න නැමැති 69 හැවිරිදි පුද්ගලයෙකි.
වැන් රථයේ ගමන් ගත් මෙම පිරිස කළුතර ප්‍රදේශයේ පදිංචි නෑදැයන් පිරිසක් බව පොලිසිය කියයි. ඔවුන් කළුතර සිට අනුරාධපුර අටමස්ථානය වැද පුදා ගෙන සිය නිවෙස් බලා යමින් සිටියදි මෙම අනතුරට ලක්වි ඇත.
වැන් රථය අනතුරට පත්විමෙන් මිය ගිය පුද්ගලයාට අමතර කුඩා දරුවන් පස් දෙනෙකුත් කාන්තාවන් සිවු දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුත් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
වැන් රථයේ රියදුරාද තුවාල ලැබුවන් අතර සිටිති.
වැන් රථයේ රියදුරා මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
665 Views
Comments