ජනපති මැදුරේ සැකසූ රාත්‍රී ආහාරය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

ජනපති මැදුරේ සැකසූ රාත්‍රී ආහාරය

ජනපති මැදුරේ සැකසූ රාත්‍රී ආහාරය

කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ පිහිනා ජල ක්‍රීඩා කිරීමෙන් පසුව රෑ බත උයන්නට සූදානම් වන අයුරු අන්තර්ජාලයේ  හුවමාරු වෙයි.


ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් එහි කාමරවලද ඇවිදිමින් සුව පහසු ආසන වල අසුන් ගනිමින් තේ සාදා බොමින් සිටින අයුරුද දැකගත හැකි විය.


ඇතැම්හු ජනාධිපති මන්දිරයේ වහලයට නැඟ ජාතික කොඩි වනමින් ප්‍රීති ඝෝෂා කළහ.


ජනාධිපති මන්දිරයේ සිටි ආරක්ෂක භටයන්ද ඊයේ(09) පස්වරුවේ බස් රථ වලින් ඉවත්ව යන අයුරු දැකගත හැකි විය. 

 

අරගලකරුවෝ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ. එහිදී ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජනතා දේපොළ කිසිවකට හානි නොකරන ලෙසයි.

views

327 Views

Comments

arrow-up