AUG
17
කොවිඩ් වැළඳි මංගලට අසාධ්‍යයි - වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බව වාර්තාවේ.
පසුගිය සිකුරාදා(13) හිටපු මුදල් අමාත්‍යවරයා කොවිඩ් වෛරසයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණි.
රෝහලේ සාමාන්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.
760 Views
Comments