ශ්‍රීලංගම බස් රථ හතරක් ගාලු මුහුදේ ගිල්වයි

මත්ස්‍ය ගහනය වැඩිකිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් අද ගාල්ල ආශ්‍රිතව මුහුදු සීමාව තුළ ක්‍රියාත්මක කෙරුණා.
එහිදී භාවිතයෙන් ඉවත්කරන ලද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ හතරක් මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබුණා.
ගාලු වරායේ නැව් ගත කෙරුණු බස්රථ හතර ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් හතරක් දුරින් ගැඹුරු මුහුදේ ගිල්වීම සිදුකෙරුණේ නාවික හමුදාවේ සයුර නෞකාව සහාය ඇතිවයි.
මෙම වැඩපිළිවෙළ මගින් බස්රථ බඳ කොටස් තුළ ව මත්ස්‍ය ජනාවාස බිහි වීම නිසා මාළු පැටවුන් පිටතට නොයා ආරක්ෂා වීමේ හේතුවෙන් මත්ස්‍ය ගහනය වැඩිවීම සිදුවෙනවා.
ජනාධිපති වරයාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඳහන් වන පරිදි නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීමේ සංකල්පය මතයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ.
680 Views
Comments