කොළඹ තත්ත්වය දැඩි අවදානම් - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රට තුල පවතින COVID19 වෛරස තත්ත්වය හේතුකොටගෙන කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේය.
වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා....
“කොවිඩ් රොගීන් වාර්තාවන ආකාරය අනුව කොළඹ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි පණිවුඩයක් කියවෙනවා.
එදා ගම්පහ තිබිච්ච ඒ තර්ජනය සහ අවදානම අද කොළඹට යම් මට්ටමකින් ඇවිත් තියෙනවා.
විශේෂයෙන් කොළඹ නගර සභා සීමාව තුළ පසුගිය දින කිහිපය තුළ දෛනිකව රෝගීන් 200කට වැඩි ගණනක් වාර්තාවෙන ස්වභාවයක් අපි දැක්කා.
විශේෂයෙන් අලුත් අවදානම් ස්ථාන පිළිබඳ අපේ අවධානය යොමු වෙමින් තියෙනවා. ඉදිකිරීම් ස්ථාන පිළිබඳ විශේෂ අවදානමක් මතුවෙලා තියෙනවා. මේක බැරෑරුම්ව සැළකිය යුතු තත්ත්වයක්.”
746 Views
Comments