මහජන සෞඛ්‍ය පරීක්ෂකට කෙළ ගැසූ පුද්ගලයා රිමාන්ඩ්

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙක්ට කෙළ ගැසූ පුද්ගලයෙකු කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කොවිඩ් -19 රෝගය ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකුගේ නිවසට රාජකාරී කටයුතු සඳහා පැමිණි නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ(03) මෙසේ කෙළ ප්‍රහාරය එල්ලවී තිබුණි.
ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ පදිංචි සැකසහිත පුද්ගලයා සිටින නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ පියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත් කර ඇති අතර පසුව සැකකරු විසින් එම කෙළ ප්‍රහාරය එල්ල කර තිබේ.
48 හැවිරිදි මෙම පුද්ගලයා එම අවස්ථාවේදී මත්පැන් පානය කර සිටි බවද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
700 Views
Comments