OCT
19
නුවර සහ මීගමුව මාර්ගවල ඇඳිරිනීතිය පවතින කලාපයේ හෙට සිට දැඩි සීමා

නුවර පාරේ යක්කල සහ නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශවල හෙට දිනයේදී රථ වාහන ගමනාගමයේදී දැඩි ලෙස සීමාවන් පණවන බව පොලිසිය ප්‍රකාශ කලා.
උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් හැර කිසිදු අයෙකුට අදාළ කලාපය තුළදී වාහනවලින් බැස්සවීමට හෝ මගීන් නංවා ගැනීමට අවසර නොදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ’්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මීගමුව මාර්ගයේ කඳාන , සීදුව සහ ජා-ඇළ පොලිස් බල ප්‍රදේශවලද මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා.
1066 Views
Comments