අධිභාර බද්දෙන් EPF - ETF නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

අධිභාර බද්දෙන් EPF - ETF නිදහස්

අධිභාර බද්දෙන් EPF - ETF නිදහස්

රුපියල් මිලියන 2000කට වඩා බදු අය කල හැකි සමාගම් සහ පුද්ගලයින් මත එක්වරක් පමණක් අය කරන 25%ක අධිභාර බද්දක් පැනවීමට පසුගිය අයවැයෙන් යෝජනා වී තිබුණා.

 

 

ඒ අනුව එම අධිභාර බද්ද සඳහා සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ද ඇතුළත් වන බව පවසමින් බොහෝ පාර්ශව එයට විරෝධය පළ කර තිබුණා.

 

 

කෙසේ වෙතත් ඊයේ (14) කැබිනට් මණ්ඩල ‍රැස්වීමේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දීර්ඝ විස්තරයක් සිදු කරමින් පවසා ඇත්තේ මෙම බද්දට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ද ඇතුළත්ව අරමුදල් 11ක් අයත් නොවන බවයි.

views

622 Views

Comments

arrow-up