NOV
10
දුමින්ද නාගමුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඒ කඩුවෙල අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ඊයේ (09) පැවති උද්ඝෝෂණයක් අතරතුර අධිකරණයට අපහාස කිරීම, පොදු දේපළවලට හානි කිරීම සහ අයුතු ජන රාශියක සාමාජිකයින්වීම යන චෝදනා මතය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ඊයේ (09) කඩුවෙල අධිකරණය ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
773 Views
Comments