යතුරුපැදිය එළ ගවයෙකුගේ ගැටී යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

යතුරුපැදිය එළ ගවයෙකුගේ ගැටී යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට

යතුරුපැදිය එළ ගවයෙකුගේ ගැටී යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට

සිය යතුරුපැදියෙන් කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් ආපසු නිවස බලා පැමිණෙමින් සිටි පුද්ගලයෙකු කතරගම දෙටගමුව ප්‍රදේශයේදී යතුරුපැදිය එළ ගවයෙකුගේ ගැටීම නිසා බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කතරගම පොලීසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ කතරගම - සෙල්ල කතරගම මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ ආරචිචිගේ ජිනදාස නැමති 67 හැවිරිදි අයෙකි.

 

අනතුර සම්බන්ඳයෙන් කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතා විසින් කතරගම රෝහලේදී නිරීක්ෂණ සටහන් ලබා ගැනීමෙන් අනතුරුව දෙබරවැව මූලික රෝහලේදී මරණ පරීක්ෂණය සිදු කරණු ලැබිණි.

views

918 Views

Comments

arrow-up