වයස 30ට වැඩි පුද්ගල කාණ්ඩයේ 75%ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත - යුද හමුදාපති
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

වයස 30ට වැඩි පුද්ගල කාණ්ඩයේ 75%ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත - යුද හමුදාපති

වයස 30ට වැඩි පුද්ගල කාණ්ඩයේ 75%ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත - යුද හමුදාපති

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් 75%කට අධික ප්‍රමාණයකට පූර්ණ එන්නත් ලබා දී ඇති බවයි.

 


එතුමා වැඩිදුරටත් පවසා සිටියේ මේ දක්වා කාලය තුළ මිලියන 1.5කට ආසන්න පිරිසකට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි.

 


බලධාරීන් විසින් එන්නත්කරණ වැඩසටහන් අඛණ්ඩව සිදුකරමින් පවතී.

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ සැප්තැම්බර් 10 වනවිට වයස අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදෙන බවයි.

views

736 Views

Comments

arrow-up