ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

තමා පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදී දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් අනතුරුව සීමිත සේවාලාභීන් පිරිසක් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

 

 

ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ මාතර, මහනුවර, කුරුණෑගල, වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල වලින් විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි බවයි නිවේදනයේ සඳහන් වන්නේ. 

 

 

නිරෝධායන හා ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙස ඔවුන් ඉල්ලීමක් කර සිටිනවා. 

 

 

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට දින වෙන් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි  දුරකථන අංක පහත නිවේදනයේ සඳහන් වනවා. 

 

views

890 Views

Comments

arrow-up