සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව රාජ්‍ය පොසොන් උත්සවය පවත්වන්න - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව රාජ්‍ය පොසොන් උත්සවය පවත්වන්න - අගමැති

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව රාජ්‍ය පොසොන් උත්සවය පවත්වන්න - අගමැති

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) පස්වරුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

 

ඒ අරලියගහ මන්දිරයේ දී පැවති රාජ්‍ය පොසොන් උත්සවය සංවිධානය කිරීමේ සාකච්ඡාවට එක්වෙමින්.

 

ඒ අනුව මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමී ප්‍රධාන උත්සව සිතුල්පව්ව සහ තිස්සමහාරාහම රජමහා විහාරස්ථාන මූලික කර ගනිමින් සංවිධානය වෙනවා.

 

මෙම සාකච්ඡාවට වැඩම වූ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලාවේ වටරවුම් මාර්ගය පිළිසකර කර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

එම ඉල්ලීම ඉතා කඩිනමින් ඉටුකර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් ප්‍රේමසිරි මහතාට එම අවස්ථාවේදීම උපදෙස් ලබාදී තිබෙනවා.

 

තවද සිතුල්පව්ව රජමහා විහාරස්ථානය 2007 වර්ෂයේ පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේදී සිදුව තිබෙන දෝෂ කිහිපයක් මගහැරෙන පරිදි නැවත එය පූජා භූමියක් ලෙස ගැසට් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.

views

968 Views

Comments

arrow-up