5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

මෙම වසරේ (2024) 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

 

ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා (ඉරිදා) පැවැත්වෙන අතර එදින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

 

උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

 

මධ්‍යස්ථාන 2,649 කදී විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අපේක්ෂකයන්ගේ පැමිණීමේ ලේඛනය විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

views

157 Views

Comments

arrow-up