මොණරා බේරීමට ගිය බසය පෙරළී අයෙක් මරුට - 20කට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

මොණරා බේරීමට ගිය බසය පෙරළී අයෙක් මරුට - 20කට තුවාල

මොණරා බේරීමට ගිය බසය පෙරළී අයෙක් මරුට - 20කට තුවාල

මුලතිව් - යාපනය ප්‍රධාන මාර්ගයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ඊයේ(20) සවස පෙරලී සිදු වූ අනතුරකින් අයකු මිය ගොස් තවත් 20 දෙනකු තුවාල ලබා ඇතැයි මුලතිව් පොලීසිය පැවසීය.

 

පුදුකුඩිඉරිප්පු සහ මුල්ලිවයික්කාල් අතර ප්‍රදේශයේදී මුලතිව් සිට පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

 

බස් රථය ධාවනය වූ අවස්ථාවේදී මාර්ගය හරහා මොනරකු දිව යාම හේතුවෙන් රියදුරු මොනරා බේරාගැනීමට ගත් උත්සහයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පෙරලී ගොස් ඇති බවට මූලික පරික්ෂණ වලදී හෙලිවී ඇතැයි පොලීසිය පැවසීය.

 

අනතුරින් බරපතල තුවාල ලැබූ මගීන් 05 දෙනකු ඇතුලු 21 දෙනකු මුලතිව් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයකු මිය ගොස් ඇති අතර මගීන් සිව් දෙනකුගේ තත්වය බරපතල බවටද මුලතිව් රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.

 

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ ගමන්කල සියලුම මගීන් තුවාල ලබා ඇත.

 

මුලතිව් පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

views

747 Views

Comments

arrow-up