MAR
14
05 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

පසුගිය ජනවාරි මස පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්කර තිබේ.
මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk / www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
2021 වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි 22 වැනිදා පැවැත්වුණු අතර එයට සිසු සිසුවියන් 340,508 දෙනෙකු පෙනී සිටියහ.
සිංහල මාධ්‍ය අපේක්‍ෂකයන් 2,55,062ක් සහ දෙමළ මාධ්‍ය අපේක්‍ෂයන් 85,446ක් ඒ අතර විය.
691 Views
Comments