මියගිය මවට දින 14ක් තිස්සේ කෑමබීම දුන් මානසික ආබාධිත දියණිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

මියගිය මවට දින 14ක් තිස්සේ කෑමබීම දුන් මානසික ආබාධිත දියණිය

මියගිය මවට දින 14ක් තිස්සේ කෑමබීම දුන් මානසික ආබාධිත දියණිය

නිවසේ දින 14කට වැඩි කාලයක් තිස්සේ මියගොස් සිටි තම මවට ආහාර පාන ලබාදෙමින් කාලය ගතකළ මානසික රෝගාබාධයකින් පෙළෙන 45 හැවිරිදි දියණියක් පිළිබඳව මිරිහාන පොලිස් වසමෙන් වාර්තාවේ.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ නුගේගොඩ, දෙල්කඳ, පැඟිරිවත්ත, සෝමා තලගල මාවතේ පදිංචිව සිටි වේරපිටියගේ පද්මිණී පතිරණ නමැති එක්දරු මවකි.

 

එම නිවස දෙසින් දැඩි දුගඳක් හැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ප‍්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසියට පෙරේදා(23) සවස දැනුම්දී තිබේ.

 

ඒ අනුව අදාළ නිවසට ගිය පොලිසිය නිවසේ පසුපස දොර කඩා ඇතුළු වී පරීක්‍ෂා කර බැලීමේදී කෑම කාමරයේ බිම වැටී සිටි මවගේ මළ සිරුර හමුව ඇත.

 

සිරුර හමුවන අවස්ථාවේදී බෙහෙවින් දිය වී නරක්වී තිබූ බවත්, නිවස තුළ දැඩි දුඟදක් හමමින් තිබූ බවත් පොලිසිය කියයි.

 

එමෙන්ම මානසික රෝගාබාධයකින් පෙළෙන දියණියද මියගිය මව අසල රැඳී සිටි බව පොලිසිය පවසයි.

 

මියගිය කාන්තාවගේ සැමියා ඇය විවාහ වූ මුල් කාලයේදීම මියගොස් ඇත.

 

ගත වූ දින කීපය තුළ මෙම දියණිය මියගිය මව සමඟ දින කීපයක් ම රැය පහන් කරන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.

 

මෙම මව මානසික ආබාධ සහිත දියණිය අතින් ඝාතනයට ලක් වූයේ ද? එසේත් නැතිනම් ස්වභාවික හේතූන් මත  මිය ගියේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදු කරයි.

views

833 Views

Comments

arrow-up